Pages

විශිෂ්ට වනජීවී ඡායාරූප ශිල්පියෙකු වීමේ රහස්...



1. සැමවිටම ඡායාරූප ගැනීමට ප්‍රථමයෙන් සතුන් ගැන දැනුවත් වන්න. ඔවුන්ගේ හැසිරීම් රටා හා ඔබ පින්තුර ගැනීමට යන සොබාදහම් පද්ධතිය ගැන සැලකිලිමත් වන්න. එමගින් ඔබට ගුණාත්මක පින්තුර හසුකර ගැනීමටත් එලෙසම සත්වයන්ට හා පරිසර පද්ධතියට හානි නොවන අයුරින් ඡායාරූප ගැනීමටත් හැකිවනු ඇත..

2. සැමවිටම සතුන්ට බාධා නොවෙන පරතරයක් ඔබ හා වනජීවීන් අතර තබාගන්න. ඔබ ඡායාරූප ගැනීමට උත්සහ කරන ජීවියා කලබල වුවහොත් ඔබට ඡායාරූප ගැනීමට ඇති හැකියාව ගිලිහි යන බව මතක තබා ගන්න.

3. කුරුළු කූඩු හෝ වෙනත් සතෙකුගේ වාසස්ථාන වලට හානි කිරීමෙන් වලකින්න. එලෙසම කුරුළු කුඩ වලට ළඟාවීමෙන් වලකින්න. එමගින් කුඩුවේ සිටින කුරුළු පැටවුන්ට / බිත්තරවලට සිදුවන හානිය පිලිබඳ දැනුවත්වන්න. ඇතැම් විට කුරුල්ලන් කූඩුව අත හැර යන්න පවා පෙළඹෙන්න පුළුවන්.

4. කිසිම විටකත් සතුන්ගේ ශබ්ද භාවිතා කර සතුන් ගෙන්වා ගැනීම, සතුන් හට කෑම දමා සතුන් ගෙන්වා ගැනීම, සතුන් හට හිංසා කර ඡායාරූප ගැනීමෙන් වලකින්න. එමගින් වනජිවින්ට සිදු වන්නේ බලවත් අසාධාරණයකි.

5. "ඉවසීමෙන් සැනසීම ලැබේ.." මෙම යෙදුම වනජීවී ඡායාරූපකරණයේදී ඔබට අත්දැකීමට පුළුවන්. ඇතැම් විට තමන්ට අවශ්‍ය ඡායාරූපය ලබා ගැනීමට ඉවසීමෙන් පැය 4-5 ඉන්න වෙන අවස්ථා තිබෙනවා. එම නිසා ඔබගේ ඉවසීමේ හැකියාව ප්‍රගුණ කර ගන්න. එමගින් වටිනා ඡායාරූප ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.

6. කෘතීම ආලෝකයන් (flash) භාවිතා කිරීමෙන් සතුන් හට හිංසාවන් සිදුවිය හැකියි. එමනිසා කෘතීම ආලෝකයන් භාවිතය නොවන අයුරින් ඡායාරූප ලබාගැනීමට පුරුදු වන්න.

7, පුළුවන් තරම් නිෂ්ශබ්දතාවය රැක ගන්න. සතුන් කලබල වුවහොත් ඡායාරූප ගැනීමේ හැකියාව මගහැරී යනු ඇත