Pages

වනජීවී ඡායරූපකරණ උපකරණ තෝරාගන්නේ කෙසේද

Wildlife Photography - Sri Lanka සමුහය විසින් වනජීවී ඡායාරූපකරණය සදහා ඇලුම්කරන ඔබ වෙත ගෙන ලිපි මාලාවේ තුන් වැන්න ලෙස වනජීවී ඡායාරූපකරණය සදහා යොදාගතහැකි උපකරණ පිලිබඳ කෙටි හැදින්වීමක් කිරීමට අපි අදහස් කරනවා.



1. Prime vs Zoom Lens

මෙය වනජීවී ඡායාරූපකරණය එලබෙන බොහොමයකට ඇති වන මූලික ගැටලුවකි. අවාසනාවකට මෙයට දියහැකි තනි පිලිතුරක් නැති වුවත්, මෙය සදහා මාගේ අත්දැකීම් වලින් කෙටි සටහනක් තබමි.
Prime Lens එකක් බාවිතයට බොහෝ දෙනෙක් නැබුරු වන්නේ එම Lens වල Sharpnes සාපේක්ශව ඉහල නිසා සහ Focusing speed වැඩි නිසා. වර්තමාන Camera body වල Resolution වැඩි වීමත් සමග Lens වල Sharpness ගැන සැම දෙනාගේම අවදානය යොමු වී තිබේ. උදාහරණයක් ලෙස, 30MP Camera එකකින් ලබාගතහැකි details ලබාගැනීමට එයට ගැලපෙන Lens බාවිතා කල යුතු වේ, එසේ නොකලහොත් එම Camera එකෙන් උපරිම ඵල නෙලාගැනීමට ඔබට නොහැකි වනු ඇත.
වර්තමානය ගැන සලකා බැලුවොත් අපගේ වාසනාවට බොහොමයක් Camera brands තමන්ගේ Lens අතරට Sharpness ඉතා හොද මට්ටමක ඇති Zoom lens කිහිපයක් එකතු කර ගැනීමට සමත්ව ඇත. මේ සදහා උදාහරණ ලෙස නව Canon 100-400mm IS II සහ Nikon 80-400mm G VR2 lens හදුන්වා දිය හැක. නමුත් මෙම Lens තුන්වන පාර්ශව (Sigma, Tamron) විසින් හදුන්වා දී ඇති Zoom lens වලට වඩා මිල අධික වීම සදහන් කල යුතු දෙයකි.

2. Full frame vs Copped sensor camera

තනි පිලිතුරක් නොමැති තවත් ගැටලුවකි මෙය.
වනජීවී ඡායාරූපකරණයට එලබෙන බොහොමයකට මුලින්ම හිතට එන්නේ cropped sensor camera එකකින් crop factor එකත් සමග වස්තුවට පහසුවෙන් ලගාවිය හැකි බවයි. මෙය පිලිගත හැකි වුවද, මතක තබා ගත යුතු කාරනාවක් වන්නේ crop factor එක සමග depth of field වෙනස් නොවන බවයි. උදාහරණයක් ලෙස 200mm f2.8 Lens එකකින් 1.5 crop factor ඇති camera එකක් සමග ගන්නා ඡායාරූපයක depth of field, 300mm f2.8 Lens එකකින් Full frame camera එකක් සමග ගන්නා ඡායාරූපයක depth of field වලට වඩා වැඩි වේ, නමුත් එම ඡායාරූප දෙකේම රාමුව එක සමාන වේ.
මේ ගැන වැඩි අවබෝදයක් ලබාගැනීමට මෙම Video එක බලන්න.

https://www.youtube.com/watch?v=f5zN6NVx-hY

මෙම Camera අතර වෙනස් වන තවත් වැදගත් කාරනාවක් වන්නේ High ISO noise performance යන්නයි. අද වෙලදපොලේ පවතින Cropped සහ Full frame camera වල sensor එකේ ප්‍රමානය ගතහොත් Full frame sensor එකක් ආසන්න වශයෙන් Crop sensor මෙන් දෙගුනයක් වේ. මෙම Sensor ප්‍රමානයන්ගේ වෙනස නිසා එකම ISO අගන් වලදී Full frame sensor එකක අඩුවෙන් noise පෙනෙන අතර Crop sensor එකක වැඩියෙන් nois පෙනේ. බොහොමයක් සතුන් ක්රියාශීලී වන්නේ උදේ පාන්දර සහ හවස බැවින් මද ආලෝක තත්ව යටතේ ඡායාරූප ගැනීමට බොහෝ වෙලාවට අපට සිදුවේ. මෙවැනි වේලාවන්ට ඉහල ISO අගයන් වලදී ගන්නා ඡායාරූප වල ගුනාත්මක බව ඉතා වැදගත් වේ.
අද පවතින බොහොමයක් Full frame camera මිල ගනන් වලින් Cropped sensor camera වඩා වැඩිවේ, නමුත් තරමක් සහන මිලකට ලබාගත හැකි Full frame camera හදුන්වාදීමට ප්‍රමුක Camera brand කිහිපයක් පියවර ගෙන තිබීම සතුටුදායක කරුනකි.

3. Macro

Macro ඡායාරූපකරණය සදහා වෙන්කරගත් Macro lens එකක් පාවිච්චි කරනවානම් වඩා සුදුසු වුනත් එය හැම කෙනක්ටම කරන්නට අමාරු දෙයකි. එම නිසා පහත සදහන් විකල්ප එය සදහා හදුන්වා දෙමි.
i. Extension tube
Extension tube භාවිතය focal lenght අඩු lens (50mm – 100mm) සදහා වඩාත් සුදුසු වේ, එමගින් Magnification ඉහල අගයකට ගත හැක. Extension tube මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනක් වන්නේ Lens එකේ Auto focus කිරීමේ හැකියාව මිලදී ගන්නා Extension tube එක තුල තිබේද යන්නයි. Macro photography වලදී manual focus කිරීමෙන් සාර්තක ඵල නෙලාගත හැකි වුවත් සියලු දෙනාට එය කිරීම අපහසු බැවින් කල්පනාකාරීව මෙය තෝරා ගන්න.
ii. Closeup filters
Closeup filters භාවිතය focal lenght වැඩි lens (200mm – 400mm) සදහා වඩාත් සුදුසු වේ, එමගින් Magnification ඉහල අගයකට ගත හැක. Closeup filters මිලදී ගැනීමේදී Double element filters මිලදී ගැනීමෙන් ඡායාරූප වල ගුනාත්මක බව ඉහල මට්ටමක පවත්වාගත හැක. Lens එකට Closeup filter සවිකර ගැනීම පහසු වුවත් විවිද Lens වල Filter thread size වෙනස් වීම තරමක් අවාසිදායක කරුනකි. එමෙන්ම ඡායාරූප focus කිරීමට සහ frame කර ගැනීමට වැඩි පරිශ්රමයක් දැරීමට සිදුවියහැක.
iii. Reverse lens
අඩුම මිලකට Maco ඡායාරූප ගැනීමට තිබෙන හොදම විසදුම මෙයයි. භාවිතය තරමක් අපහසු වුවද, ඉතා ඉහල Magnification ලබාගැනීමට මෙම ක්‍රමය යොදාගත හැක. මෙම ක්‍රමය යොදාගැනීමේදි Camera එකේ Metering සහ Apature control සහය නොලැබෙන බැවින්, පාලනය කල පරිසරයක් තුල හැර වෙනත් තැන් වල ඡායාරූප ගැනීම අපහසු වියහැක.
ඉහත සදහන් විකල්ප පිලිබද වැඩි විස්තර සදකා පහත page එක බලන්න.

http://www.cambridgeincolour.com/tutorials/macro-extension-tubes-closeup.htm

4. New trends (Aerial and underwater)

වනජීවී ඡායාරූපකරණය වර්තමානයේදී සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගිය ස්වරූපයක් දැක ගැනීමට පුලුවන්. විශේශයෙන් ගුවනේ සිට සහ වතුර යට පෙනන ලෙස ගන්නා ඡායාරූප බොහෝවිට සිත් ඇද ගැනීමට සමත්ව ඇත. මෑතකදී අන්තර්ජාතික මට්ටමේ පැවති තරග වලදී මෙවැනි ඡායාරූප වලට විශේශ තැනක් හිමිවී තිබීම මේසදහා හොද නිදසුනකි.
මෑතක් වන තුරු බොහොමයක් ඡායාරූපශිල්පීන් උත්සහ කලේ animal portrait වලදී telephoto lens භාවිතා කරමින් වස්තුව වෙන් කර පෙන්වීමටයි. නමුන් මෑත කාලයේ environmental portrait සදකා වැඩි අවදානයක් යොමුවී තිබේ. Wide angle lens භාවිතා කරමින් ලබාගන්නා ඡායාරූප වල වැඩි වටිනාකමක් ඇතිව තිබේ. මෙවැනි ඡායාරූප ලබාගැනීමට සතුන්ට ලන්වීම සදහා camera traps සහ beetle cam උපයෝගීකරගැනීම නව නැඹුරුතාවක් ලෙස සදහන් කල හැක.

5. Seeing beyond

ඡායාරූප ශිල්පය යනු කලාවකි, එය තුල විද්යානුකූලව තර්ක කල නොහැකි පැතිකඩක් ඇත. දැනට පවතින මතිමතාන්තර බිද දැමීමෙන් සහ අලුත් විදිහට හිතීමෙන් මෙම ශේස්ත්‍රය තුල වැඩි දුරක් යාමට හැකි වනු ඇත. හොද ඡායාරූපයක් ගැනීම්ට ලොව පවතින හොදම කැමරාව ඔබට අවශයයැයි සිතේනම් මෙවර BBC Wildlife තරගයෙන් ජයග්‍රහනය කල ඡායාරූප ලබාගත් Camera/Lens දිහා බලන්න.
ඔබ ලග ඇති දේ සමගින් අලුත් විදියට හිතන්න, තවත් කෙනෙක් නොකල දෙයක් කිරීමට උත්සහ කරන්න. ලොව ප්‍රකට Architect වන Geoffrey Bawa ලොවපුරා නම් දිනා ඇත්තේ ඔහුගේ නිර්මාන බොහොමයක් සම්ප්‍රදායන්ට විරුද්ධ වුවත්, විශිශ්ට නිර්මාන කිරීමට ඔහු සමත් වීම නිසයි. නිර්මානශීලීත්වය ලොව මිල අධිකම cameraවටත් වඩා වටිනවා, එහෙම නොවුනොත් ලොව ධනවත්ම මිනිසුන් ලොව සිටින හොදම චායාරූප ශිල්පීන් විය යුතුයි.


The best camera is the one that's with you: Chase Jarvis

- නිශාන්ත මංජුල